කොංගෝවේ සිදුවුණු බෝට්ටු අනතුරකින් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.
එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව කොංගෝ ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙකිඩී පවසා ඇත.
බෝට්ටු අනතුර සිදුවුයේ අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, මායි-න්ඩොම්බේ පළාතේ මුෂී නගරයේ සිට කිලෝ මීටර් 70 ක් පමණ දුරින් ගලා බසින, ක්වා ගංගාවේදීය.