බ්‍රිතාන්‍ය බ්‍රිමියර් ලීග් පා පන්දු තරගයක් අතරතුරේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලකු වසුරු හෙලු සිද්ධියෙක් ඩේලිමේල් පුවත් සේවය අද (18) වාර්තා කළේය.
කුරුලූ වසුරු ප්‍රහාරයට ලක් වූයේ ඈෂ්ලි යංග් (29) ය. පා පන්දු තරගය පැවැත්වූයේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිල සහ ‘ස්වන්සී සිටී‘ පිල අතරේය.
තරගය උණුසුම් වූ අවස්ථාවේ, ඈෂ්ලි යංග්, ක්‍රීඩකයකුට බැන වදිමින් සිටිද්දී, පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලු වසුරු ඔහුගේ මුවට වැටුණේ අහම්බෙනි.
බැන වදිමින් ක්‍රී පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලූ වසුරු ඔහුගේ මුවට වැටෙද්දී එය ද රූගත වී තිබිණි.



