කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට සූදානම් වෙයි.
කැනඩා මහ මැතිවරණය පැවැත්වූයේ අසල්වැසි ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන හමුවේය. ට්‍රම්ප් කැනඩාවට තීරු බදු පනවා ඇති අතර, එය එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
ඊට අමතරව ඇමෙරිකන් ජනාධිපතිවරයා කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් ලෙස ඇමෙරිකාවට එක් කර ගන්නා බවට ද තර්ජනය කර ඇත. මැතිවරණය පැවැත්වූයේ මෙම තර්ජන මධ්‍යයේය.
කැනඩා පාර්ලිමේන්තුවේ ආසන 343 ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වුණු අතර, බහුතරය සඳහා ආසන 172 ක් දිනා ගැනීම කළ යුතු විය.
කෙසේ නමුත් මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 169 කි. විපක්ෂයට ආසන 144 ක් හිමිවිය. සුළුතර රජයක් පිහිටුවීම සිදුවූයේ ඒ අනුවය.
ජය සමරමින්, ඔටෝවා අගනුවරදී, මාර්ක් කාර්නි සිය පක්ෂ ආධාරකරුවන් පමණක් නොව, කැනඩා වැසියන් ද ආමන්ත්‍රණය කළේය. ඔහු කියා සිටියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට තම රජය බියක් නොදක්වන බවත්, ට්‍රම්ප්ගේ තර්ජනවලට මුහුණ දීමට කැනඩාවට හැකි බවත්ය.
(ඒ.එෆ්.පී.)