නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්වූහ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන හේලි ජෙන්සන් කාන්තා බිග් බෑෂ් තරගාවලියේ පළමු අදියර දෙකේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තෙවැනි අදියරේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. නිකොලා ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරගාවලියට එක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ‘ටීම් ග්‍රීන්’ කණ්ඩායම නියෝජනය කරන්නීය.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක් සුබ පැතුම් එක් කරන බව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ටීම් ග්‍රීන් කණ්ඩායම ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබිණි.
එන්.ඩී.ටීවී ඇසුරිනි
055

