මුහුණ ආවරණය කරගෙන කඩුවත් රැගෙන පැමිණි පුද්ගලයකු (21) ස්වීඩනයේ බටහිර පෙදෙසේ ට්‍රොල්හැටන් හි පාසලක ගුරුවරයකු හා සිසුවකු මරා දමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කළු ඇඳුමින් සැරසුණු ඝාතකයා සිසුන් සමග ඡායාරූපද ගෙන ඇතැයි කියති. එහි පැමිණි පොලිසිය අපරාධකරුට වෙඩි තැබීමෙන් පසු ඔහු මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඒ අවස්ථාවේ පාසලේ සිසුන් 100 දෙනකු පමණ සිටි බවත් ඔවුහු පාසල් ගොඩනැගිල්ලේ සිට කෑගැසූ බවත් සිද්ධිය දුටුවෝ පවසති.





