කබල් ගොඩනැගිල්ල 200කට වග කියයි


බංගලිදේශයේ දකාර් අගනුවර අසළ මහල් අටක ගොඩනැගිල්ලක් කඩා වැටී 200ක් මරණයට පත්වීමෙන් දිනකට පසුව ද සිරවී සිටි අය සෙවීම දිගටම සිදු විය.

ඉරිතලා ගිය මෙම ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ලේ 2500ක් පමණ සේවය කළහ.

සේවකයන් එහි ඇතුළු වීමට බියක් දැක්වූ නමුත් අයිතිකරුවන් ඔවුන් එහි යවා ඇත්තේ බියවීමට හේතුවක් නැතැයි කියමිනි.