ඔලිම්පික් තොප්පිය


‍

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) සම්බන්ධයෙන් ද සමාජ හාධ්‍ය ඔස්සේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙම නිල සුරතලා (mascot) නිර්මාණය කර ඇත්තේ, ප්‍රංශයට ආවේණික වූ තොප්පියකින් වීම විශේෂත්වයකි.

ඇමරිකානු විප්ලවයේ සහ පසුව ප්‍රංශ විප්ලවයේ, විශේෂයෙන් ජාකොබිනිස්වාදයේ සංකේතයක් ලෙස භාවිතා කළ 'ෆ්‍රිජියන්' නමැති මෙම තොප්පිය මෙවර ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) වෙයි.

ෆ්‍රිජියන් තොප්පි සෑම නගර ශාලාවකම,  ප්‍රංශයේ කාසි සහ මුද්දර වැනි එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ දේවල්වල පවා දකින්න ලැබේ. පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) ලෙස ද මෙම තොප්පිය භාවිතයට ගැනෙනු ඇත.

මෙම තොප්පිය සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු ආදර්ශ පාඨය වන්නේ, 'තනිව අපි වේගයෙන් යමු, නමුත් එකට අපි තවත් ඉදිරියට යමු' යන්නය.