ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට N95 මාස්ක් පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.
මෙසේ උපදෙස් දී ඇත්තේ කනැනිකට් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් එම ජනපදයේ වැසියන් සඳහාය. මේ වනවිට කනැනිකට් ජනපදයේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි.
ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් N95 මාස්ක් මිලියන 6 ක් කනැනිකට් වැසියන්ට බෙදා දීමට නියමිත බව පැවැසෙයි.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය මෙතෙක් බිහිවුණු දරුණුතම ‘කොවිඩ් 19’ විකෘතියයි. ඊට හේතුව, එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීමය. වේගයෙන් ව්‍යාප්තිය සිදුවුවත් ‘ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් හටගන්නා සංකූලතා අවම බව පැවැසෙයි.
(රොයිටර්)

