එක්සත් ජනපදයෙන් උගන්ඩාවට විශේෂ භට පිරිසක්
දේශපාලන හා ආරක්ෂක කටයුතු සම්බනධයෙන් වඩාත් සංවේදී ප‍්‍රදේශයක් වන උගන්ඩාවට එක්සත් ජනපදයේ විශේෂ හමුදා භටයින් 100කගේ කණ්ඩායමක් යැවූ බව ජනාධිපති ඔබාමා පසුගිය සතියේදී කොංග‍්‍රස් මණ්ඩලයට වාර්තා කළේය. උගන්ඩාව, මධ්‍යම අපි‍්‍රකානු ජනරජය, දකුනු සුඩානය හා කොංගෝව ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වන ජෝෂප් කෝනිගේ නායකත්වයෙන් යුත් ලෝඞ් රෙසිස්ටන්ස් ආමි (Lord Resistance Army)යනුවෙන් හැඳින්වෙන භට කණ්ඩායම විනාශ කිරීම සඳහා පිටත්කර හරින ඇමරිකානු භටයින්ගේ මූලික වගකීම වන්නේ එම කාර්ය සඳහා උගන්ඩා සෙබළුන් පුහුණු කිරීමය. ඇමරිකානු භටයින් ඍජුවම සටන්වලට සම්බන්ධ නොවන බව සඳහන් කළද මෙම භට කණ්ඩායමක් යැවීම නිසා උගන්ඩා හමුදාවට සෝමාලියාවේ අල් ෂබාබ් සටන්කරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම්වලට වඩාත් පහසුවෙන් සම්බන්ධවිය හැකි යැයිද වාර්තාවේ. අපි‍්‍රකානු රටවල හදිසි තත්ත්වයකදී මැදිහත්වීම සඳහා එක්සත් ජනපදය ස්ථාපිත කළ අපි‍්‍රකානු හමුදාංකය රඳවා ඇත්තේ ජර්මනියේය. නැගෙනහිර අපි‍්‍රකාවේ කුඩා රටක් වන ඩජිබ‍්‍රට් හි ඇමරිකානු කඳවුරක් පිහිටුවා ඇතත් එය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන්නේ නැත. එම නිසා සංඛ්‍යාව අතින් කුඩා වුවත් මෙවැනි භට කණ්ඩායමක් උගන්ඩාවට යැවීම ඇමරිකානු උපාය මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සුඩානයේ දකුණු ප‍්‍රදේශයේ හා කෙන්යාවේ උතුරු ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ ලෝඞ් රෙසිස්ටන්ස් ආමි නමින් හැඳින්වෙන මෙම සන්නද්ධ කල්ලියේ බලය දැන් බෙහෙවින් දුර්වල වී ඇතැයි සැලකේ. උගන්ඩාවේ රජය පවසන ආකාරයට දැනට එම සටන්කරුවන්ගේ සංඛ්‍යාව 200-400ත් අතර පවතී. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද අවශ්‍ය කෙරෙන පුද්ගලයෙකුවන එම සටන් කල්ලියේ නායක ජෝෂප් කෝනි සහ එහි අනෙකුත් නායකයින් තුරන් කිරීම මෙම භට කණ්ඩායම යැවීමේ අරමුණ බව ජනාධිපති ඔබාමා සඳහන් කරන නමුත් වසර 25ක් තිස්සේ නොකඩවා බලයේ සිටින ජනාධිපති යොන්වරි මුංසවෙනි තමා වෙනුවෙන් සටන් කිරීමට වෙනත් අය යොදා ගන්නේ නැතැයි අවධාරණය කළේය. වඩාත් සරලව මෙම පිරිස හමුදා භටයින් යනුවෙන් හැඳින්වීම පවා නුසුදුසු යැයි ඔහු කියයි. එමෙන්ම මේ පිරිස රඳවා සිටින්නේ මාස දෙකකට පමණ යැයිද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වුවත් මෙවැනි භට කණ්ඩායමක් උගන්ඩාවට යැවීම පිළිබඳව එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලයෙන් කිසිම විරෝධයක් පළවූයේ නැත. එමෙන්ම පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපදය උගන්ඩාව හා බුරැන්ඩි යන රටවලට ඩොලර් දශ ලක්ෂ 45ක හමුදා උපකරණ ලබාදීම ද වැදගත්ය. වාර්තාවන ආකාරයට ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ස්තී‍්‍ර දුෂණ හා මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ජෝෂප් කෝනිගේ සටන්කරුවන් අකර්මන්‍ය කිරීම මධ්‍යම අපි‍්‍රකානු රටවල් ගණනාවකම අවශ්‍යතාවකි. එහෙත් දැනට 200-400ත් අතර කණ්ඩායමකට සීමාවී සිටින ඔවුන් විනාශ කිරීමට විශේෂ භට කණ්ඩායම් හා මහා පරිමාණය අවි ආයුධ අවශ්‍ය වන්නේද යන්න ප‍්‍රශ්නයකි. සමහර නිරීක්ෂකයින් සඳහන් කරන ආකාරයට මෙවැනි භට කණ්ඩායමක් යැවීම එක්සත් ජනපදය මධ්‍යම හා නැගෙනහිර අපි‍්‍රකානු ප‍්‍රදේශයේ සිය ආරක්ෂක උපාය මාර්ගවල නව නැඹුරුවක් ද විය හැක. 1993දී සෝමාලියාවේ මොගඩි නගරයේදී තම හමුදා භටයින් ඝාතනයට ලක්වීමෙන් පසු එක්සත් ජනපදය එම ප‍්‍රදේශයට හමුදාව යැවීමට අදහස් කළේ නැත. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සටන් බිමේ අත්දැකීම් ඇති එක්සත් ජනපදය අපි‍්‍රකාවේදී ද එවැනිම තත්ත්වයකට මුහුණදීමට අදහස් කරන්නේ යැයි සිතිය නොහැක. විශේෂයෙන්ම ලබන වසරේදී නැවත වරක් ජනාධිපතිවරණයකට මුහුණදීමට සූදානම් වන ඔබාමාට නැගෙනහිර අපි‍්‍රකාවේ සටන් බිමක ඇමරිකානු සෙබළුන් මිය යෑම හෝ තුවාල ලැබීම සිය ඡුන්ද දායකයින් ඉදිරියේ හේතු යුක්ති කිරීම අසීරුය. එසේ වුවත් උගන්ඩාව වැනි රටක හමුදාව සම්බන්ධතා පවත්වා ගැනීමට උපාය මාර්ගික අවශ්‍යතාව ද අමතක කළ හැකි දෙයක් නොවේ. එය විශේෂයෙන් වැදගත් වන්නේ චීනය හා ඉරානය වැනි රටවල් උගන්ඩාව හා අනෙකුත් අපි‍්‍රකනු රටවල් සමග ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම තීරණාත්මක සාධකයක් වන නිසාය. චීනය දැනටමත් උගන්ඩාවේ විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර ඉරානය ද දෙරට අතර ආර්ථික කටයුතුවල සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට උනන්දුවේ. මෑතකදී උගන්ඩාවේ සංචාරයක යෙදුන ඉරාන දුත පිරිසක් එහි තෙල් කර්මාන්තයේ ආයෝජනය කිරීමටත් ඒ සඳහා තාක්ෂණය හා පුහුණුව ලබාදීමටත් එකඟ වූහ. මෙවැනි පසුබිමක් තුළ සංඛ්‍යාවෙන් කුඩා වුවද උගන්ඩාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් වන රටකට භට කණ්ඩායම රැඳවීම කුඩා සටන්කාමී පිරිසක් තුරන් කිරීමට සීමා වන්නේ යැයි කිව නොහැක. දැනටමත් වාර්තාවන ආකාරයට ඇමරිකාවේ ඉලක්කයක් වී ඇති සෝමාලියාවේ අල් සභාබ් සටන්කරුවන් මර්දනය කිරීමට කෙන්යානු භට පිරිස් සෝමාලියාවට ඇතුළු වී සිටිති. මීට පෙර එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ඇතිව ඉතියෝපියානු හමුදා එම අරමුණෙන්ම සෝමාලියාවට පිවිසුණ ද සාර්ථක වූයේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ සෝමාලියාව තව තවත් අරාජික තත්ත්වයට පත්ව නියඟය වැනි ස්වභාවික විපත්වලට ද ගොදුරු වීමය. එමනිසා උගන්ඩාවට ඇමරිකානු විශේෂ භට පිරිස් යැවීම වඩාත් පුළුල් ප‍්‍රදේශයක යුද ගිනි දැල් ඇවිල නොවීමට හේතුවන්නේ නම් අගය කළ යුතුය.සටහන -මහින්ද හත්තක

