එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට වස් පින්කම් මාලාවක් පැවැත්විණී. තලවතුගොඩ ශ්‍රී ඤානාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වය සහ මඟ පෙන්වීම ඇතිව ඩුබායි ධර්ම ප්‍රවේණි දායක සභාව මේ පිංකම සංවිධානය කළේය. ජුලි 31 වැනි දා ආරම්භ කෙරුණ තෙමස් වස්සාන කාලය උදෙසා භික්ෂුන් වහන්සේ දෙනමක් ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. උන්වහන්සේලාට එම කාලය තුළ වස් වැසීම සඳහා ලැගුම් පහසුකම් සලසා දෙමින් පැට්‍රික් මුණසිංහ මහතා සිය නිවස ලෙස සකස් කරදී ඇත. වස් වැසූ භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරාලමින් උන්වහන්සේලාගෙන් දහම් කරුණු විමසා දැනගනිමින් දිනපතා බුද්ධ පුජා, සාංඝික දාන, ධර්ම දේශනා , භාවනා වැනි වැඩසටහන් ගණනකට සහභාගි වෙමින් කුසල් රැස්කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඩුබායි දේශයේ සේවය කරන බෞද්ධයන් විශාල පිරිසකට උදාවිය. මේ කාලය තුළ සෑම දිනකම සන්ධ්‍යා භාගයේදී බුද්ධ වන්දනා සහ බුද්ධ පුජා පැවැත්විණි. සිකුරාදා දිනකම ඩුබායි දහම් පාසල් ශාලාවේදී භාවනා ප්‍රගුණ කිරීමත්, සෙනසුරාදා සවස අභිධර්මය ඉගැන්වීමත් සිදුවිය.
වස් ආරාධනා පිංකම විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. කඨින පිංකම සඳහා මහා සංඝරත්නය දස නමක් වැඩම කළහ. කඨින වස්ත්‍රය මුලින් පඩු ගසා නියමිත අයුරින් සකස් කර සැදැහැවතුන්ගේ අතින් මසා සම්පුර්ණ කරගනු ලැබිය. ඩුබායි නගරයේ ප්‍රථම වතාවට පැවැත්වුණ පිංකම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ.
පිංකම අවසන් කෙරුණේ පින්කමට වැඩම කළ මහා සංඝරත්නය විසින් සිදුකළ පරිත්‍රාණ ධර්ම දේශනාවකිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බෞද්ධ සැදැහැවතුන් හට අට මහා කුසළ කර්මයන්ගෙන් අග්‍රස්ථානයට පත්වන කුසළය ලෙස සැලකෙන කඨින චීවර පුජා පින්කමකට සහභාගි වීමට අවස්ථාවක් ලැබීම ඉමහත් භාග්‍යයක් බව අනුශාසනාව පැවැත්වූ සංඝයා වහන්සේ පැවසුහ.
මාස තුනක් පුරාවට පින්කමෙහි වැඩකටයුතු සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ එහි බරපැන පියවීම සඳහා දායකවූ සහ පින්කම් සඳහා සහභාගිවූ සියලුමදෙනාට පුන්‍යානුමොදනා කරන බව සංවිධායකයෝ පැවසුහ.

![CHEEWARA1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/CHEEWARA11.jpg)
![CHEEWARA2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/CHEEWARA21.jpg)
![CHEEWARA5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/CHEEWARA51.jpg)
![CHEEWARAYA3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/CHEEWARAYA31.jpg)
![CHEEWARAYA4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/CHEEWARAYA41.jpg)
![DUBHAI_11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DUBHAI_111.jpg)
![DUBHAI_12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DUBHAI_121.jpg)
![Dubhai3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Dubhai31.jpg)
![Dubhai4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Dubhai41.jpg)
![Dubhai6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Dubhai61.jpg)
![Dubhai8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Dubhai81.jpg)
![Dubhai11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Dubhai111.jpg)
![PIRITH[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PIRITH1.jpg)
