උතුරු චීනයේ නායයාමකින් 7 ක් මරුට


උතුරු චීනයේ ෂැන්සි පළාතේ නාය යාමකින්  පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 
නාය යාමෙන් නේවාසික ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇත. 
 
සුන්බුන් අතර සිරවී සිටි  පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 13 දෙනෙකු අතුරුදන් වී ඇත. 
 
සිය ගණනක් පොලිස් නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
 
 
(63226)