වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සීයා මෙන්ම උතුරු කොරියාව බිහි කිරීමේ පුරෝගාමියා ද වන එරට ප‍්‍රථම නායක කිම් ඉල් සුන්ගේ ඡන්ම දිනය ඉකුත් 14 වැනිදාට යෙදී තිබුණු අතර උතුරු කොරියානුවෝ එය උත්සව ශී‍්‍රයෙන් සැමැරූහ.
මාධ්‍ය වාර්තා කළේ නැටුම් ගැයුම් හා සැණකෙළිවලින් එම උත්සව වර්ණවත් වූ බවය. උතුරු කොරියාව මේ වනවිට අසල්වැසි දකුණු කොරියාව සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටී.
නායක කිම් ඉල් සුන්ගේ ඡුන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 13 සහ 14 දිනයන් එරට ජාතික නිවාඩු දිනයන් ලෙස නම් කර තිබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
කිම් ජොං සුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වමින් |
|
සැණකෙලියට ඇතුළත්වූ නර්තන අංගයක් |

