ඊශ‍්‍රයල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරු මියයයි


ඊශ‍්‍රායලයේ බීර්ෂෙවා බන්ධනාගාරයේ සිටි තවත් පලස්තීන ජාතික රැඳෙවියකු ඊයේ (11) අබිරහස් ලෙස මිය යෑමත් සමඟ පලස්තීන පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ යළිත් වරක් විරෝධතා ඇවිළී ගියේය.
මීට සති කිහිපයකට පෙර ද ඊශ‍්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන රැඳෙවියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
එම අවස්ථාවේදී ද පලස්තීන දේශපාලන කි‍්‍රයාකාරීහු සහ සරසවි සිසුහු විරෝධතා පැවැත් වූහ. එහිදී ඊශ‍්‍රායල හමුදා භටයන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් සරසවි සිසුහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.