ඊශ්‍රායලය සමඟ ඇයිහොඳයිකම් අවසන්


ගාසා තීරයේ පලස්තීනුවන්ට එරහෙිව සිදු කරන අපරාධ සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරන බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්‍රෝ පවසයි.

කොලොම්බියාව යනු ලතින් ඇමෙරිකා රටකි. ගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ මියයෑම සම්බන්ධයෙන් සහ අසරණ වුණු පලස්තීනුවන්ට ලබා දෙන ආධාර නැවැත්වීමට සහ ආධාර ලබා දීම බාධා කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් මෙම තීරණය ගත් බව ජනාධිපති ගුස්ටාව් පෙට්‍රෝ පවසා තිබේ.

කොලොම්බියා ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, පෙරේදා (මැයි පළමු වැනිදා) බොගෝටා අගනුවර මැයි දින රැලියකට එක් වෙමිනි.

(ඒ.එෆ්.පී.)