මිසයිල වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉරාන පාර්ලිමේන්තුව අද (13) ඇමෙරිකානු ඩොලර් මිලියන 520ක මුදලක් වෙන් කරන ලදි.
ඉරානයේ ආයුද වැඩසටහනට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාවට එරටට සම්බාධක පැන වූ අතර ඊට එකට එක කිරීමක් ලෙස ඉරාන රජය මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම ඉරානයේ 'විප්ලවීය බලකායේ' විදේශ මෙහෙයුම් වර්ධනය ඊට පහසුකම් සැපයීම සඳහා ද ඉරාන රජය පියවර ගෙන තිබේ.
"මෙය අපේ පළමු පියවර බව ඇමෙරිකාව දැනගත යුතුයි" යැයි අදාළ මුදල් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි මහතා පැවැසීය.
මිසයිල වැඩසටහනට මුදල් වෙන් කිරීම සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ යෝජනාවට ඉහළ බහුතරයක අනුමැතිය හිමිවිය.
ඒ.එෆ්.පී 055

