ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප්


ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඔවුන්ට ලැබුණු විශ්වාසනීය බුද්ධි තොරතුරු අනුව යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිලපාලනය හෝ ඊශ්‍රායලය හෝ කිසිවක් පවසා නැත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිසිසේත්ම නුවණට හුරු දෙයක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතතුමක් දී පැහැදිලි කළ බවත් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි.

(බීබීසී)