ඉකුත් සතියේ දී ආරක්ෂක රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රධාන බුද්ධි අංශය වන අයි.එස්.අයි සම්බන්ධ යැයි මතභේදාත්මක කාශ්මීර් ප්‍රදේශයේ සිටින ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය හමුදාවේ රථ පෙළකට කාශ්මීරයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයෝ 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය.
ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ යැයි ඉන්දියාව චෝදනා කළ අතර මේ හේතුවෙන් න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන් ඉන්දු-පාකිස්තාන අසල්වැසියන් අතර නැවත වරක් අර්බුද උත්සන්න වී තිබේ.
පාකිස්තානය ප්‍රහාරය හෙළා දකිමින් ඊට සම්බන්ධ නැතැයි ප්‍රකාශ කළ අතර අර්බුදය විසඳීම සඳහා මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය නැවත වරක් උත්සන්න වීමත් සමඟ කාශ්මීරයේ ආරක්ෂාව ද පහත වැටී ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය පිටුපස සිටින නායකයන් පිළිබඳ කරුණු සොයා බැලූ බවත් ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ දේශසීමාවේ පාකිස්තාන ප්‍රදේශයේ සිට බවත් ඉන්දීය හමුදාවේ ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් පැවැසීය.
“ප්‍රහාරය පාලනය කළේ පාකිස්තානය, පාකිස්තානයේ බුද්ධි අංශය වන අයි.එස්.අයි සහ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ අණ දෙන නිලධාරීන්. ඔවුන් දේශසීමාවේ සිට ප්‍රහාරය මෙහෙයවූවා” යැයි හෙතෙම කීවේය.
කෙසේ නමුත් ලුතිනන් ජෙනරාල් ඩිලෝන් ඔහුගේ චෝදනා සනාථ කිරීම සඳහා හේතු සාධක කිසිවක් ඉදිරිපත් නොකළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බැවින් සවිස්තර විස්තර කිසිවක් ඉදිරිපත් කළ නොහැකි බවත් ප්‍රහාරයට පාකිස්තානයේ සන්නද්ධ බුද්ධි අංශය සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කීවේය. එසේම පාකිස්තාන රජය සහ බුද්ධි අංශය ජායිෂ් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන බව ද ඔහු කීය.
“ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය පාකිස්තාන හමුදාවේ සහ අයි.එස්.අයි. බුද්ධි අංශයේ නිර්මාණයක්. මේ ප්‍රහාරය මහ මොළකරුවන් වන්නේ පාකිස්තානය, අයි.එස්.අයි සහ ජායිෂ් ඊ මොහොම්මද්” යැයි ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර වන ශ්‍රී නගර් හිදි ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් පැවැසීය.
055

