
ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පැවැසෙයි. ඒ, රිය අනතුරක් සිදු කිරිමේ වරදකටය.
නන්දිනි කාශ්‍යප් ගුවහාටි පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවකු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, ඉකුත් 25 වැනිදා අලුයම ගුවහාටිහි, දඛින්ගාඕන් ප්‍රදේශයේදීය.
රංගන ශිල්පිනිය අනතුර සිදුකර පලා යන බව අසල CCTV කැමරාවක සටහන් බව පොලිසිය කියයි.බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

