ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ දෙදෙනක් ද වෙති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ගින්නෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කර ඇත.
(එන්.ඩී.ටීවී.)