
ඉන්දියාවේ උප ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසුම ඊයේ (6) පැවැත්වුණු අතර උප ජනාධිපති ධුරය හිමිවූයේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂක ජංග්දීප් ධංකාර්ටය.
උප ජනාධිපති ධුරය සඳහා විපක්ෂ සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ මාග්‍රට් අල්වාය. ඉන්දීය ජනාධිපති තෝරා ගැනීම මෙන්ම උප ජනාධිපති තෝරා ගැනීම ද සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි.
බෙංගල ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයකු ද වන 71 හැවිරිදි ජංග්දීප් ධංකාර්ට හිමිවුණු ඡන්ද ගණන 528 කි. මාග්‍රට් අල්වා ට හිමිවූයේ ඡන්ද 182 ක් පමණි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවේ සභාපතිවරයා වන්නේ ද උප ජනාධිපතිවරයාය.
(එන්.ඩී.ටීවී.)

