ඉක්වදෝරය පළමු වතාවට චන්ද්‍රිකාවක් උඩුගුවනට යවයි


ඉක්වදෝරය සිය පළමු චන්ද්‍රිකාව ඊයේ(26) උඩුගුවනට යැවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
‘‘පෙග්සෝ’’ නැමති මෙම චන්ද්‍රිකාව සහිත රොකට්ටුව උඩුගුවනට යැවුණේ උතුරු චීනයේ ජියුක්වන්ඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
චන්ද්‍රිකාව උඩුගුවනට යැවීම ඉක්වදෝර මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.