තම ගංගා පාකිස්තානය හරහා ගලා බැසීම වළක්වමින්, වේලි ඉදි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය තමන්ට හිමිවනු ඇතැයි බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත.
පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන්නේ බලුකිස්තානයයි. පාකිස්තානය ඇෆ්ගනිස්තානයට මායිම් වන්නේ ද මෙම බලුකිස්තානය හරහාය. බලුකිස්තාන බෙදුම්වාදීන් අවි අතට ගෙන සිටින්නේ, බලුකිස්තානය වෙනම රාජ්‍යයක් කර ගැනීමේ අරමුණ ඇතිවය.
ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානයට දිවෙන ගංගා, මෙසේ අවහිර කිරීමෙන් පාකිස්තානයේ අවසානය සනිටුහන් වනු ඇති බව ද බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇත.
ඉන්දියාව, පාකිස්තානය සමඟ විරසක වී, පාකිස්තානය සමඟ ඇතිකරගත් ‘ඉන්දුස් ජල ගිවිසුම’ අත්හිටුවා, ඉන්දු කාශ්මීරයේ සිට පාකිස්තානයට ලැබෙන ජලය නැවැත්වීමට පියවර ගත්තේ, ඉන්දීය සංචාරයකන්ට පහල්ගාම් පළාතේ දී ඉස්ලායමී බෙදුම්වාදී ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය.
(එන්.ඩී.ටීවී.)