ඇෆ්ගන් ජනපති කර්සායි පාකිස්තානයේ සංචාරයක


පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් කළ ඇරැයුමක් පිළිගනිමින්, ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි, ඊයේ (26) පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණියේය.
ඇෆ්ගන් ජනපතිවරයා පාකිස්තානයට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ජනපති කර්සායි ඉස්ලාමාබාද් නුවරට පැමිණෙද්දී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පසුගිය කාලයේ හටගත් දේශසීමා අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා දෙරට අතරේ හොඳහිත තහවුරු කර ගැනීම ජනපති කර්සායිගේ එම සංචාරයේ අරමුණ විය.
එපමණක් නොව, දෙරටටම හිසරදයක් වී ඇති තලේබාන් සටන්කාමීන් ගැන ද අගමැති ෂරීෆ් සහ ජනපති කර්සායි අතරේ සාකච්ඡා පැවැත්විණි.