ඇමෙරිකාවේ නෙවඩාහි අධිවේගී මාර්ගයකටට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් දෙදෙනකු රැගත් මේ යානය හදිසියේ ගොඩබෑමට ගත් උත්සාහයක දී මේ අනතුර සිදුව ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ මේ යානය අධිවේගී මාර්ගයේ ගමන්කරමින් තිබූ ට්‍රක් රථයක් මතට කඩා වැටී ඇති බවයි. යානයේ ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත.








