ඇමෙරිකාවේ වෙඩි තැබීමක් අයෙක් මරුට: 24 ක් රෝහලේ


ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින්, එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 24 කි.

මියගොස් ඇත්තේ අවුරුදු 27 ක තරුණයෙකු බව පැවැසෙයි. වෙඩි තැබීම හටගත්තේ ඔහියෝ ප්‍රාන්තයේ ඇක්රොන් නුවර, උපන් දින සාදයක් පැවැත්වෙද්දීය. එම අවස්ථාවේ, උපන් දින සාදයට 200 දෙනකු සහභාගී වී සිටි බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)