ඇමෙරිකාව ඉරානයට ගුවනින් පහර දෙයි


ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා ගුවනින් බෝම්බ දැමීම ආරම්භ කර ඇත.

ඇමෙරිකාව මෙසේ ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර  බෝම්බ දැමීම සිදු කර ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අණ පරිදිය.

ඇමෙරිකාව මෙම ප්‍රහාරය සඳහා B-2 නමැති යාන යොදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

B-2 නමැති මෙම බෝම්බ ප්‍රහාරක යානා ‍ෙ බංකර් බ්ලාස්ටර් නමැති ඇමෙරිකාවේ බෝම්බ රැගෙන යා හැකි‍ෙ ගුවන් යානවෛ්.  ඇමෙරිකාව අද අලුයම ඉරානයට එල්ල කළ ප්‍රහාරයට  භාවිතා කර ඇත්තේ මෙම ගුවන් යානා බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා ජානාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රහාරයෙන් පසු  සටහනක් තබමින්  පවසා ඇත්තේ ප්‍රහාරයෙන් පසු සියලුම  යානා ආරක්ෂිතව ආපසු යමින් තිබෙන බවයි.