ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ 4 ක් මරුට


තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ‘ඬේයක්’ නමැති දිස්ති‍්‍රක්කයේ ඊයේ (4) සිදුකළ ගුවන් ප‍්‍රහාරවලට ඇෆ්ගන් පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් බිලි වූහ.
ප‍්‍රහාරයට ලක් වෙද්දී එම පොලිස් නිලධාරීහු සිවුදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. ඔවුන් සටන්කාමීන් යැයි වරදවා වටහා ගෙන පහර දෙන්න ඇතැයි අනුමාන කෙරේ.
ඇමෙරිකානු හමුදාව එල්ල කළ එම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 15 දෙනකු ද තුවාල ලැබූ බව පැවැසෙයි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මීට දින 11 කට පෙර ගාස්නී නුවරට ඇමෙරිකා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මියගිය එම පිරිස අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද සිටිති.