ඇමෙරිකාව සමග කෙසේ හෝ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැපවී සිටින බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමය මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුරෝපා සංගමයෙන් ඇමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බද්දක් නිර්දේශ කිරීමත් සමඟය. එම නව තීරු බදු ලබන ජූනි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින්, යුරෝපා සංගමය පවසා ඇත්තේ, වෙළඳම එකිනෙක වෙනස් වුවත් අන්‍යෝන්‍ය ගෞරවයෙන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම් බවය.
(ඒ.එෆ්.පී.)