ඇමෙරිකා වානේ කම්හලක පිපිරීමක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් නුවර, වානේ කම්හලක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන්, දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

පිපිරීම සිදුවූයේ පිට්ස්බර්ග් නුවර වේලාවෙන් උදෑසන 10.51 ට පමණ යැයි ද පැවැසෙයි. පිපිරීමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණි. පිපිරීමෙන් සහ ගින්නෙන් කම්හලට දැඩි හානි සිදුවිය.