චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙරිකාවත් චීනයත් පැහැදිලි කර ඇත.
ලිෆෙන්ග් සහ බෙසන්ට් අතරේ මෙසේ හමුවක් පැවැත්වූයේ ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට නොදෙවැනි ලෙස තීරු බදු පැනැවීම මුල්කොට ගනිමිනි. තීරු බදු හේතුවෙන් ඇමෙරිකාවත් රුසියාවත් අතරේ වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී ඇත.
හී ලිෆෙන්ග් සහ ස්කොට් බෙසන්ට් අතරේ සාකච්ඡා ආරෙම්භ වූයේ ඉකුත් සති අන්තයේය. ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වූයේ රහසිගතව යැයි ද පැවැසෙයි.
තම නියෝජිත ස්කොට් බෙසන්ට් සහ චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් අතරේ සාකච්ඡා සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, චීනය සමඟ ගැටුම් ඇතිකර නොගෙන දෙපාර්ශ්වයටම වාසි වන අයුරින් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.
(ඒ.එෆ්.පී.)