ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතට ජනපති අත්සන


දශක දෙකක් තිස්සේ පැවැති සිවිල් යුද්ධයේදී, මාඕවාදීන් සමඟ සටන් වැදුණු සොල්දාදුවන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් සටන්කාමීන්ට පොදු සමාවක් ලබා දීමේ නව පනත් කෙටුම්පතට පේරු ජනාධිපතිනී ඩීනා බොලුවාර්ටේගේ අනුමැතිය ද හිමිවිය.

මෙම පනත් කෙටුම්පතට පේරු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ පසුගිය ජූලි මාසයේදීය. නව නීතිය අත්හිටුවීමට මානව හිමිකම් අධිකරණය නියෝග කළත්, විවිධාකාරයේ විරෝධතා එල්ල වූවත්, බොලුවාර්ටේ එය යළි බලාත්මක ක​ළාය.