ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙමින් තිබූ ඉස්ලාම් ආගමික සම්මන්ත‍්‍රණයකට හදිසියේ කඩාවැදුණු උඩුකය නිරුවත් කාන්තාවෝ දෙදෙනෙක් මහත් කලබගෑනියක් ඇති කළහ.
ඔවුන්ගේ සිරුරේ ඉදිරිපස හා පසුපස ‘කවුරුන්වත් මට බල කරන්නේ නැහැ’ යැයි සටහන් කර තිබිණ.
වේදිකාව මත නැගී දිගින් දිගටම උද්ඝෝෂණයේ යෙදුණු ඔවුන් දෙදෙන අවසානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් මැදිහත්ව ඉවතට ගෙන යනු ලැබූහ.
එම ගෙනයන අතරවාරයේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් එක් කාන්තාවකට පා පහර එල්ල කරන අයුරු අන්තර්ජාලයට මේ වන විට එක්කර තිබෙන මෙම අවස්ථාවේ ගත් වීඩියෝ පටයක දැක්වේ.
කාන්තාවන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණයවී නොමැත.
ඔවුන් ෆෙමෙන් නම් දැඩි මතධාරී කාන්තා සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරේ.




