අටේ පුතා අතින් මිත්තනිය මරුට


ප‍්‍රචණ්ඩකාරී පරිගණක කී‍්‍රඩා වටයකින් පසු සිය 90 හැවිරිදි මිත්තනිය වෙඩි තබා ඝාතනය කළ බවට සැකකැරෙන 8 හැවිරිදි පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ලූසියානා ප‍්‍රාන්ත පොලිසිය සැරැසෙයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මිත්තණිය සිට ඇත්තේ රූපවාහිනිය නරඹමිනි.වෙඩි පහර එල්ලව තිබෙන්නේ ඇයගේ හිසේ පසුපසටය.

වෙඩි ශබ්දය ඇසුණු අසල්වාසීන් කළ පැමිණිලි අනුව එතැනට පැමිණි පොලිසියට දරුවා පවසා ඇත්තේ තමන් අතින් වැරදීමකින් මිත්තණියට වෙඩි වැදුණු බවයි.නමුත් පොලිසිය සිදුකළ පරීක්ෂණ වලින්

වෙඩි තැබීමට පෙර මෙම දරුවා ප‍්‍රචණ්ඩකාරී පරිගණක කී‍්‍රඩාවක යෙදී සිට ඇතැයි හෙළිවී තිබේ.

ඇතැමුන් වෙඩි තැබීමත් පරිගණක කී‍්‍රඩාවත් අතර සම්බන්දයක් නැතැයි පැවැසුවද පොලිසියේ අදහස වන්නේ පරිගණක කී‍්‍රඩාවේ දුටුවක් අත්හදා බැලීමට ගොස් මෙසේ දරුවා සිය මිත්තණියට වෙඩි තබන්නට ඇති බවය.

ලූසියානා ප‍්‍රාන්තයේ නීතිය අනුව අපරාධය කුමක් වුවත් 8 හැවිරිදි කුඩා දරුවෙකු අපරාධකරුවෙකු සේ නොසැළකේ.එනිසා දැනට මෙම දරුවා තමන් භාරයේ තබාගෙන සිටින පොලිසිය ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා කටයුතු මෙහෙයවමින් සිටී.