රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය .

අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි අද උදෑසන මහාධීකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු අධිකරණය මඟහරින බවට ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.