රන්ජන් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක සහ දසුන් රාජපක්ෂ)

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පසුව රැගෙන ගියේය.

පාර්ලිමේන්තුමන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියම කරමින්  නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා  කර  කළ ඉල්ලීමක්  පිළිගනිමින්  මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

රන්ජන් රාමනායක මහතා  සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප - ඉෂාන් සංජීව)