සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සමිමේලනයේ මහා සභා රැස්විම කොළඹ 7 බෞද්ධ සමිමේලන ශාලාවේදි පැවැත්විණි.
පාසල් හැට හයක සිසුසිසුවියන් මේ සඳහා එක්වූ අතර මෙදින නව නිලධාරී මණ්ඩලයද පත් කෙරීණි
ඒ අනුව ප්‍රධාන සභාපති තනුර මෙන්ඩිස් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ප්‍රධාන ලේකම් චතුරි කුලසිංහ උසස් තාක්ෂණ ආයතනයෙන්ද කනිෂ්ඨ භාණ්ඩාගාරික දිවන්ත නිපුන් නාලන්ද විදයාලයෙන් ද උප ලේකම්වරු වශයෙන් රුමේෂ් මධුශාන් ලුම්බිණි විද්‍යාලයෙන්ද අධීෂ දෙවන්මිණ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අකිලා ගුණවර්ධන ලින්ඩ්සේ විදයාලයෙන්ද පත්වූහ
හිටපු සභාපතිවරයා අතින් මෙදින නව සභාපතිවරයාට බුදු පිලිම වහන්සේ නමක් පිළිගන්වා තනතුර බාර දුන්නේය
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහි යාව ජිව සාමාජිකත්වය දරණ විදුලි ඉංජිනේරුවරියක ව්‍යාපාරික බෞද්ධ දානපතිනියක වන චිත්‍රා බොතේජූ , වෛද්‍ය නිල්මිණි රාජපක්ෂ මහත්මීන් ඇතුළු විද්‍යාල රැසක ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද මේ සඳහා එක්වුහ