(ටී.කේ.ජී.කපිල)
රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (09) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොළඹ, දෙමටගොඩ සහ තොටළග යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 33 සහ 35 යන වයස් වල පසුවන ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි .
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ, වායු කාන්දු නොවන සේ අසුරා, සකස් කළ පාර්සල් 05 ක් තුළ මෙම "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 372ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි.
මෙම කාන්තාවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (09) ඉදිරිපත් කිරීමට නියමිතය .

