නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (09) පෙරවරුවේ සිට ඇද හැළෙන වැස්සෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ද, කැනියන් ජලාශයේ දොරටු දෙකක් ද, විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් ද විවෘත කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි.
ෙමෙම ජලාශ පිටාර මට්ටමට පැමිණි නිසා වාන්දොරටු විවෘත කැර ඇත.
ගෙවුණු පැය 24 දී මෙම ප්‍රදේශයට මිලිමීටර 175 වර්ෂාවක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.