

උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පිරුණු හිත නිවන තැනුත් මේ ලංකාවේ ඕනෑ තරම්ය. එහෙම රට වටේ කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න හිතෙන එක අරුමයක් නෙවෙයි.

Q: දිනේෂ් ට්‍රැවල් කරන්නෙ තනියම ද ?
මුල් කාලෙදි නම් ට්‍රැවල් කළේ තනියම. හිතුනම බයික් එක අරගෙන කඳුකරයේ හරි උතුරු මැද පැත්තට හරි රවුමක් ගිහින් එනවා. ඒත් පස්සේ මගේ සහෝදරයයි, යාළුවොයි ට්‍රැවල් කරන්න එකතු වුණා.
තනියම ගිහින් විඳින හුදකලාවයි, නිදහසයි වගේම යාළුවො එක්ක ගිහාම ලැබෙන සතුටයි, විනෝදයයි එක හා සමානව මම විඳිනවා.
හැබැයි අදටත් හිතුන ගමන් තනියම කොහේ හරි ගිහින් නිදහසේ සොබාදහම විඳලා එන පුරුද්ද මම අතෑරලා නැහැ. විදෙස් ගමන්වලදී නම් ගොඩක් දුරට මම ට්‍රැවල් කරන්නෙ තනියම.

Q: දිනේෂ් මුලින්ම ට්‍රැවල් කරන්න පටන් ගත්තෙ යූටියුබ් නාළිකාවක් කිරීමේ අදහසකින් ද?
මම අතේ ෆෝන් එකක්වත් නැතුව ට්‍රැවල් කරපු කාලයක් තිබුණා. පස්සේ මට ඕන වුණා මතකයන් එකතු කරන්න. ඒ තැන් සෝෂල් මීඩියා දැම්මාම තියෙන තැන් කියන්න කියලා කමෙන්ට් දානකොට තමයි මට හිතුණේ යූ ටියුබ් එකක් හදන්න.
මම සොබාදහම විඳින්න ඉගෙන ගත්තේ අම්මගෙනුයි, තාත්තාගෙනුයි. ඒ දෙන්නා අපි පොඩි කාලේ ඉඳන් හැම ඉස්කෝලේ නිවාඩුවකටම කොහේ හරි අපිව එක්කගෙන යනවා. අපෙ අම්මාගේ ගම කෑගල්ල නිසා ගොඩාක් වෙලාවට කෑගල්ලට හරි එක්කගෙන යනවා. ඒ නිසා කොළඹ ඉපදුණාට පොඩි කාලේ ගොඩාක් වෙලාවට ගෙවුණෙ ගහ කොළ සහ සොබාදහම එක්ක. පුංචි කාලෙ ඉඳන් එයාලගෙන් ලැබුණු දායාදයක් සහ විනෝදාංශයක් විදිහට අදටත් නිදහස විඳින්න, සොබාදහම හොයාගෙන යන එක මගෙ පුරුද්දක් වෙලා.
Q: යූ ටියුබ් කරලා කාර් ගන්න ඉන්න මිනිස්සු අතරේ දිනේෂ් කියන්නේ තියෙන වාහනේ විකුණලා ඒ සල්ලිවලින් කඳු නැග්ග කෙනෙක්?
මට ලොකු හීනයක් තිබුණා එවරස්ට් බේස් කෑම්ප් එකකට යන්න. නේපාල්වල කෝඩිනේට් කරපු කෙනා කිව්වා තව අවුරුද්දක් පස්සට ගියොත් එවරස්ට් බේස් කෑම්ප් ගමන යන බජට් තව වැඩි වෙයි කියලා. ඒ වෙලාවේ මගේ ළඟ එකතු කරපු සල්ලි ටිකකුයි කාර් එක විකුණපු මුදල් වගෙකුයි තිබුණා. ඒ සල්ලි ටික දාලා මමයි අයියායි එවරස්ට් බේස් කෑම්ප් එකට ගියා. එදා ගත්ත තීරණේ ගැන අදටත් මම ගොඩාක් සතුටු වෙනවා. සල්ලි හම්බ කරන්න පුළුවන්. වයසට ගියාට පස්සේ ජීවිතේ සතුට හම්බ කරන්න බැහැ. ට්‍රැවල් කරලා තියෙන තැන්වලින් අමතක නොවෙන මුල්ම ගමනාන්තය තමයි මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5364ක් උසින් තියෙන එවරස්ට් බේස් කෑම්ප් එක.

ඒ වගේම විදේශ සංචාර අතර "වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, චීනය, අසර්බයිජාන්, මාලදිවයින" වැනි රටවල්වල කරපු සංචාරත් අමතක නොවන මතක ගොඩක් එකතු කරලා දීලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ තියෙන සුන්දර කඳු මුදුන්වලින් කිහිපයක් වෙන ලකේගල, මාලිබොඩ ඇලි හත තරණය, කුණුදිය පව්ව, මානිගල, දූවිලි ඇල්ල, නකල්ස් කඳු පන්තිය, අලගල්ල, නුවරගල, ඇත්බැද්ද, දානිගල, බතලේගල, වාලිඹේ හෙළ, වඩිනාගල වැනි කඳු මුදුන් වෙතත්, ජාතික වනෝද්‍යානයන් මධ්‍යයේ පිහිටා ඇති වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පිහිටුවලා තියෙන කඳවුරු භූමිවලටත් වනෝද්‍යානයන් ආශ්‍රිතවත් අවස්ථාවන් ගණනාවක දී සංචාරය කර තියෙනවා. ලංකාවට දුරින් පිහිටලා තියෙන කච්චතිව් දූපතේ ආගමික හේතු මුල්කරගෙන කරන වාර්ෂික මංගල්‍යයටත්, පාද යාත්‍රාව හරහා කුමන, යාල වනාන්තර මැදින් කිලෝමීටර් සියයකට වැඩි දුරක් පා ගමනින් ගිහින් කතරගමට ගිය ගමනත් කවදාවත්ම අමතක වෙන් නැහැ. බත්තලංගුංඩුව සහ උච්චමුනෙයි තුඩටත් සංචාරය කිරීමත් ඒ වගේම සොඳුරු මතකයක්.
Q: එවරස්ට් බේස් කෑම්ප් එකට යාම දිනේෂ්ගෙ ට්‍රැවල් ලයිෆ් එකේ විශේෂ අත්දැකීමක් වෙන්න ඇති ?

Q:ගමනෙත් ත්‍රාසජනක අත්දැකීම් ඇති ?
කත්මන්දු ඉඳන් ලෝකේ තියෙන භයානකම ගුවන් තොටුපොළක් වෙන ලුක්ලා ගුවන් තොටුපොළ වෙනකම් පැය එකහමාරක හෙලිකොප්ටර් ගමන වගේම ලුක්ලා ඉඳන් නැවත එද්දි ආපු ගුවන් ගමනත් ඇත්තටම ත්‍රාසජනක අත්දැකීමක්. මොකද යන එන ගුවන් මාර්ගය වැටිලා තියෙන්නේ නිතර වෙනස් වෙන කාලගුණයක් තියෙන කඳු වළල්ලක් මැදින්. ඒ වගේම එවරස්ට් බේස් කෑම්ප් ගමනේදී මොකක් හෝ අසනීපයක් හෝ යම්කිසි හේතුවක් නිසා දවසට නියමිත කිලෝමීටර් ගාන යා ගන්න බැරි වුණොත් හරි, දවසක් දෙකක් එහෙ මෙහෙ වුණොත් හරි සම්පූර්ණ ගමනම අසාර්ථක වෙනවා. ඒ අභියෝගය ගමනේ මුල ඉදන් ගමන ඉවර වෙනකල්ම තිබුණා. ශාරීරික ශක්තිය වගේම මානසික ඒකාග්‍රතාව, හොඳ ඉවසීමක් කඳු නගින්නෙක්ට තියෙන්න ඕනෙ වෙන්නෙ ඒ නිසා.
Q: ට්‍රැවල් කරද්දී ආරක්ෂාව ගැන හිතන්නෙ කොහොම ද?

Q: ට්‍රැවල් කරද්දී මුහුණ දුන්න අනතුරුත් තියෙනවද ?
එක වතාවක් මමයි, මගේ තව යාළුවො ටික දෙනෙකුයි හන්තාන කඳු පන්තියේ උසම කඳු මුදුන වුණ ඌරාගලත් එක්කම තියෙන කටුසු කන්ද තරණය කරන්න ගියා. අපි ගමන ඉවර කරලා කන්ද පහළට බහිද්දී මගේ යාළුවෙක් ලිස්සලා වැටුණා. වැටුණු ප්රපාතය එක්ක අපි හිතුවෙ නැහැ මේ අනතුර රිකවර් කරගන්න එක ලේසි දෙයක් වෙයි කියලා. කොහොමහරි අපි පහළට යද්දි යාළුවගෙ අතේ මැණික් කටුවට අගල් හතරක් විතර උඩින් අස්ථි වෙන් වෙන්නම කැඩිලා, අත එල්ලි එල්ලි තිබුණේ. ඊට පස්සෙ අපි බෙල්ලට දාන ෆේස් වේල් එකක් ලී පටි දෙකක් තියලා අත හෙල්ලෙන්නෙ නැති වෙන්න බැඳලා තව එකක් බෙල්ලෙන් උරමාවක් විදිහට දාලා කොහොම හරි කන්දෙන් පහළට අරගෙන ඇවිත් මහනුවර රෝහලට ඇතුළත් කළා. ඕක තමයි අමතක නොවෙන අනතුරකට තියෙන්නෙ.
Q: ට්‍රැවල් කරන්න ආස, හැබැයි තාමත් යන්න බැරි වුණ තැන් මොනව ද ?
ලිස්ට් එකක්ම තියෙනවා අමා ඩබ්ලම් යන්න, කිලිමන්ජාරෝ යන්න ආසයි. ජපානේ ෆුජී, යුරෝපයේ උසම කන්ද වන ඇල්ප්ස් කන්ද නගින්නත් ආසයි. ඒ වගේම දවසක එවරස්ට් කඳු මුදුනට යන්න ආසයි. ඇත්තටම ඒක තමා මගේ යන්න ආසම ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. මේ ළඟක ඉඳන් ඊජිප්තුවට ගිහින් මිසර ඉතිහාසයේ චිත්‍ර බලන්නත් ප්‍රංශයේ තියෙන ගුහා ආශ්රිත ආදි මානවයන්ගේ චිත්‍ර බලන්නත් ලොකු ආශාවක් හිතේ තියෙනවා.
Q: ට්‍රැවල් කරද්දි ගෙදරින් මොන විදිහෙ ප්‍රතිචාර ද ලැබෙන්නෙ?
ඉස්සර නම් අම්මා වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඒත් දැන් ලොකු විශ්වාසයක් තියෙනවා කොහේ ගියත් පරිස්සම් වෙලා එනවා කියලා. මම කරන සංචාරවල ෆොටෝ, වීඩියෝ හදලා වුණත් මුලින්ම පෙන්නන්නේ අම්මාටයි තාත්තාටයි තමයි. ඒ දෙන්නා හරි ආසාවෙන් ඒවා බලනවා. අම්මා තාත්තාගෙන ලොකු ආශීර්වාදයක් ලැබෙනවා.
Q: සොබාදහමත් එක්ක තියෙන්නෙ මොන වගේ බැඳීමක් ද?
අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් නම් සොබාදහම කියන්නේ භාෂාවක්, සැනසෙන්න පුළුවන් නම් සොබාදහම කියන්නේ භාවනාවක්. ඒ වගේම වැස්ස මීදුම එක්ක මට තියෙන්නේ ආත්මීය සොඳුරු බැඳීමක්. ට්‍රැවල් කියන්නේ මනුස්සයෙක්ට හොඳ මානසික නිදහසක් ලබාදෙන බෙහෙතකට සමාන දෙයක්.
Q: මොකක් ද මේ ට්‍රැවල් ලයිෆ් එකේ අරමුණ ?
තනි වචනයකින් කිව්වොත් "නිදහස". මම ආස නිදහස විඳින්නයි. රැල්ලට කඳු නගින නංගිලා මල්ලිලා අයියලා අක්කලාට කියන්නේ යන ගමන හරිහැටි දැනගෙන මිසක් සොබාදහම විඳින්න යන්න එපා. ඒ ලස්සන තැන් විනාස වෙනවා.
කෞෂල්‍යා ලක්ෂානි