IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සේනානායක සමුද්‍රයට ඉක්මන් අලුත් වැඩියාවක්

(අංජුල මහික වීරරත්න)ෙ

සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය හා අවශේෂී කොටස් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියට සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1953-08-28 දින ජනතා අයිතියට පත් කරනු ලැබ ඇති සේනානායක සමුද්‍රය කුඹුරු අක්කර 120,000ක පමණ ප්‍රදේශයකට වාරි ජලය සපයනු ලබන අතර, මෙගාවොට් 20ක ධාරිතාවයක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට දායක වේ.

 1992 වසරේදී එහි ප්‍රධාන බැම්ම හා සම්බන්ධ සොරොව් කුලුනෙහි හා සොරොව් බැරලයෙහි සහ ප්‍රධාන බැම්මෙන් පිටත ඉදි කර ඇති පිටවාන නිර්මිතයෙහි පැලීම ඇති වීම මුල් වරට නිරීක්ෂණය කර ඇත.

 කාලයත් සමඟ එම පැලීම් විශාල වෙමින් හා පැතිරෙමින් තිබේ. මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීම පිණිස අදාළ නිර්මිත නැවත ඉදි කළ යුතු බව හඳුනාගෙන ඇති නමුත්, ඉදිකිරීම් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වීම, වසර 2ක පමණ කාලයක් ජලාශය හිස් කර තැබීමට සිදු වීම හේතුවෙන් විශාල වගා භූමි ප්‍රමාණයකට වාරි ජලය සැපයීමට නොහැකි වීම මඟින් රටේ විශාල සහල් හිඟයක් ඇති වීමට අවකාශ ඇති වීම සහ ප්‍රමාණවත් තාක්ෂණික හැකියාවක් නොමැති වීම වැනි කරුණු මත නව සොරොව් නිර්මිතයක් ඉදි කිරීම මේ දක්වා කළ නොහැකි වි ඇත.

 පවතින අවදානම සහ ආපදාවකදී සිදු විය හැකි හානිය අඩු කර ගැනීම පිණිස 2025 යල කන්නයට ජලය නිකුත් කිරීමෙන් පසු ජලාශයේ මුළු ධාරිතාව 40%කට ආසන්න ප්‍රමාණයක පවත්වා ගනිමින් යෝජිත ඉදිකිරීම සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ. 

ඒ අනුව, ලෝකයේ දැනට පවතින නවීනතම තාක්ෂණික දැනුම ලබා ගැනීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා අදාළ ඉදිකිරීම් සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



 

 

 



අදහස් (0)

සේනානායක සමුද්‍රයට ඉක්මන් අලුත් වැඩියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16434 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site