IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රේගුවේ ඉදි කිරීමකට පෞද්ගලික හවුල්කරුවෙක් සොයයි

(අංජුල මහික වීරරත්න)

කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට පෞද්ගලික හවුල්කරුවකු තෝරා ගැනීමේ අභිලාෂ කැඳවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෙරවළපිටියේ රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය පිහිටු වීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩම් කොටසක් ශ්‍රී ලංකා රේගුව වෙත පවරා දීම පිණිස 2025 -03- 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී ඇති අතර, එම රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය පිහිටු වීම සඳහා වන ක්‍රමවේදය තීරණය කිරීම පිණිස කමිටුවක් පත් කර ඇත. 

එම කමිටුව විසින් වඩාත් ශක්‍යතාවකින් යුත් ව්‍යාපාරික ආකෘතියක් තෝරා ගැනීම පිණිස යෝග්‍ය නිර්ණායක සහිතව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී කමිටුවේ නිර්දේශය මත පදනම්ව, යෝජිත කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දෙමුහුන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු පෞද්ගලික හවුල්කරුවකු තෝරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ ඉල්ලීම් සහ යෝජනා සඳහා වන ඉල්ලීම් කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රේගුවේ ඉදි කිරීමකට පෞද්ගලික හවුල්කරුවෙක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16434 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site