මහජන ආරක්ෂක ඇමතිට විශ්වාස භංගයක් ?


(සුජිත් හේවාජුලිගේ)


මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල  මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ දේශපාලන පක්ෂ  කරුණු සලකා බලමින් සිටින බව  ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග  යෝජනාව ගෙන ඒමට බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට ආරක්ෂාවක් ලබා නොදීම සහ මන්ත්‍රී ජගත්විතාන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජනය පිළිබඳව ඔහුට කල් තියා දැනුම් නොදීම යනාදී කරුණු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව බිඳවැටීම සැලකිල්ලට ගෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්   ගෙන ඒමට දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවයි.