සුජිත් හේවාජුලිගේ
ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇෙමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
එම පරීක්ෂණ කටයුතු දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයට දැනටමත් කරුණු වාර්තා කර ඇති බවත් පාර්ලිමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එකට එක්ව ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇෙමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සිදුවී තිබුණේ මේ වසරේ මුල් භාගයේදීය.
මේ සිද්ධිය ගැන තොරතුරු අනාවරණය වීමෙන් පසු රටේ ඉමහත් ආන්දෝලනයක් ඇතිවිය.

