උපුල් වික්‍රමසිංහ
වසර 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ආනයනික භාණ්ඩ වෙනුවෙන් ඩොලර් මිලියන 13,718ක් වැය කර ඇති අතර එය 2024 වර්ෂයේ සමාන්තර කාලය සමග සැසඳීමේ දී ඩොලර් මිලියන 1671.2 ක ඉහළ යෑමක් බව මහ බැංකු දත්ත අනාවරණය කරයි.
මෙම වසරේ වැඩිම මුදලක් ආනයන සඳහා වැය කර තිබෙන්නේ අන්තර් භාණ්ඩ සඳහා වන අතර එය ඩොලර් මිලියන 8,617.2 කි.
මේ අතර අදාළ කාලයේ දී අපනයන ආදායම් ඩොලර් මිලියන697 න් වැඩි වී ඇති ඇත.
ඒ අනුව 2024 මුල් මාස නවයේ දී එම ආදායම් ඩොලර් මිලියන 9,518.1 ක් වූ අතර මෙම වසරේ සමාන්තර කාලයේ දී එම අගය ඩොලර් මිලියන 10,215.1 ක් බව ද මහ බැංකු දත්ත හෙළි කරයි.

