හෙළයේ ගී රැජිනට සඳැල්ල “උත්තමාචාර”


හෙළයේ කීර්තිමත් කලා ශීල්පීන්ට උත්තමාචාර පිදීමේ අරමුණින් සඳැල්ල විශේෂ අතිරේකය මසකට වරක් “උත්තමාචාර” කලාපයක් ලෙස සංස්කරණය කිරීමට කර්තෘ මණ්‍ඩලය ගත් තීරණයක් අනුව, පළමු උත්තමාචාරය පිළිගැන්වූයේ හෙළයේ ගී රැජින වන කලාශූරී ලතා වල්පොල මහත්මියටයි. මේ ඇය වෙනුවෙන් පිදෙන “උත්තමාචාර” සඳැල්ල විශේෂ කලාපය ඇයගේ නිවසට ගොස් පිළිගැන්වූ අවස්ථාවයි. පිටුපසින් සිටින්නේ සඳැල්ල කණ්ඩායමයි.

ඡායාරූපය : රුෂිරු කොළඹතන්ත්‍රිගේ