ප්‍රේමකීර්ති රණතුංග
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ අදාළ පැමිණිල්ල පිළිබඳව කටඋත්තර තිස් අටක් සටහන් කර ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සඳහන් කරයි.
ජාතික ධනය අවභාවිත කළ සහ පසුගිය ආණ්ඩු මගින් යටගැසූ වංචා දූෂණ සිදුවීම් පංගු පේරුවකින් තොරව පරීක්ෂා කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත් ඒ අනුව අදාළ නීති ආයතනවලට ස්වාධීනව කටයුතු කරගෙන යන ලෙස දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය ඇමැති වටගල පැවසීය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේ එම නීති ආයතන අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව බවද රජයේ වුවමනාවකට නොවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.