හරිනි - මෝදි සාකච්ඡා....


උපුල් වික්‍රමසිංහ

ඉන්දියාවේ දෙදින (16-18) සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය සිකුරාදා (17) සවස නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවාය.

එම සාකච්ඡාවේදී අධ්‍යාපන, කාන්තා සවිබලගැන්වීම, නවෝත්පාදන, සංවර්ධන සහයෝගීතාව සහ ඉන්දීය ධීවරයන්ගේ සුබසාධනය ඇතුළු පුළුල් තේමා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව හමුවෙන් අනතුරුව එක්ස් (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ය.

එන්ඩීටීවී සහ චින්ත පර්‌යේෂණ පදනම විසින් සංවිධානය කරනු ලබන එන්ඩීටීවී ලෝක සමුළුව (NDTV World Summit) නියෝජනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉන්දියාව බලා පිටත් වූ අතර එය අගමැති ධුරයේ දිවුරුම් දුන් පසු ඇය ඉන්දියාවට කළ පළමු නිල සංචාරය ද වෙයි.