රංජන් කස්තුරි
මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව මාසයකට අධික කාලයක් තිස්සේ අක්‍රීය වී ඇතැයි වාර්තාවේ.
අධ්‍යාපන මොඩියුල වැරදි ලින්ක් සඳහන්වීම හා වෙනත් වරදවල් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව මේ වන විට මූලික වාර්තාවක් අධ්‍යාපන ලේකම්වරයාට භාරදී ඇත්තත් එහි ඉතිරි කටයුතු අක්‍රීයව තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මේ වන විට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කර තිබෙන අතර ඔහුට තවදුරටත් එම කමිටුවේ සභාපතිත්වය දැරිය නොහැකි හෙයින් සභාපති ධුරය පුරප්පාඩු වී තිබෙන බවද එම නිසා මාසයකට අධික කාලයක් තිස්සේ කමිටුව අක්‍රිය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රංජිත් ආරියරත්න ව්‍යවස්ථා සභාවට පත්වීමට පෙර නිකුත් කළ මූලික වාර්තාව පදනම් කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩුව යැවූ අතර එම ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා පියවර ගෙන තිබිණ.
ඉන්පසුව මේ දක්වා එම කමිටුව ක්‍රියාත්මක කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු නොවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

