සුරා මැඩීමට මි.මි.9 පිස්තෝල


මිලදී ගැනීම නාවික හමුදාවෙන් 

නිමන්ති රණසිංහ

සුරාබදු නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා රුපියල් කෝටි  10ක පමණ වියදමින්  මිලිමීටර්  9 වර්ගයේ පිස්තෝල 118 ක් ළඟදීම මිලදී ගැනීමට  කටයුතු කරගෙන යන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල  කුමාරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේවා මිලදී ගන්නේ නාවික හමුදාව මාර්ගයෙන් බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව මීට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකරයි.
නීතිය ක්‍රියාත්මක කරන සුරාබදු නිලධාරීන්ගේ ආත්මාරක්ෂාව සහ වැටලීම් සාර්ථක කරගැනීම සඳහා මෙම පිස්තෝල උපයෝගී කර ගැනීමට සුරාබදු  දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.


මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ  ඇතැම් නිලධාරීන්ට  අපරාධකරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් මරණ තර්ජන ඇතුළු නොයෙකුත් තර්ජන එල්ලවිණැයි පසුගිය කාලයේදී තොරතුරු වාර්තා විය.