 උපුල් වික්‍රමසිංහ
උපුල් වික්‍රමසිංහ
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (ජයිකා) ණය ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ගමනාගමන ව්‍යාපෘතිය (එල්.ආර්.ටී) යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ජපාන රජය නිල එකඟත්වය පළ කොට නොමැති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
පසුගිය 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ඉකුත් දා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයට පෙර ජනාධිපති වික්‍රමසිංහ විසින් අදාළ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ලැබූ බවය.
කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යන ආකාරය සම්බන්ධයෙන් මේ දක්වා ජපාන පාර්ශ්වයෙන් නිල මතයක් ඉදිරිපත් වී නැති බව දැනගන්නට ඇත.
මාලඹේ සිට කොළඹ කොටුව දක්වා ඉදිකිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබූ මුළු මුදල ඩොලර් බිලියන 2.2 කි.

 
																	 
																	 
																	 
																	 
																	 
																	